මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව මේ වන විට හිමි වී තිබෙනවා.
ඒ අනුව හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ටද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සිංගප්පූරු රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රැකියා ලැබූ පළමු කණඩායමට අයත් හෙද හෙදියන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද (12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.
ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශ වීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතු බවයි එහිදී සඳහන් කළේ.
ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුන හමාර සහ ලක්ෂ පහ අතර ආසන්න වැටුප් ලැබීමට හැකි බව අදාළ බඳවා ගැනීම් සිදුකරන මෙරට රැකියා නියෝජිත ආයතනය ප්‍රකාශ කර සිටිනවා.
රැකියා ලාභීන් එරටට ඇතුළු වු පසු එක් වරක් පමණක් ගෙවන සිංගප්පූරු ඩොලර් 1000ක මුදලක් සහ නවාතැන් සඳහා දීමනාවක් හිමිවන බවද බඳවා ගැනීම් සිදුකරන ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026