General02 August 2023

ඩොලර් බැඳුම්කර හිමිකරුවන්ගෙන් සාතිශය බහුතරය ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර ලෙස වෙනස් කිරීමට කැමැත්ත පළ කරයි

දේශීය ණය ප්‍රශස්තිකරණ වැඩසටහන සහයෝගය දක්වමින් සිය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් අගයන් සහිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර සඳහා හුවමාරු කර ගැනීමට එම බැඳුම්කර හිමිකරුවන් සාතිශය බහුතරය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව, ආයතනික සහ තනි පුද්ගල ඩොලර් බැඳුම්කරු හිමියන්ගෙන් 94.49%ක ඔවුන්ගේ පවතින බැඳුම්කර දිගුකාලීන රුපියල් බැඳුම්කර සමග හුවමාරුවට සූදානම් බව මුදල් අමාත්‍යාංශය පවසා තිබෙනවා.

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරමින් මීට පෙර මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

එම අදහස් ඔස්සේ ඒ පිළිබඳව සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබූ පසුබිමකයි, මෙලෙස බැඳුම්කර හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes