General05 October 2023

කොළඹ බෝම්බ බියක් ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුමක් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඊයේ (04) නියෝග කර තිබෙනවා.


එවැනි බෝම්බ ප්‍රහාරයක් කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට එල්ල කිරීමේ සූදානමක් ඇති බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨසය ඊයේ අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි රැදවියෙකු විසින් එම බස් රථයෙන් පිටතට විසිකරන ලද තුන්ඩු කැබැල්ලක් මෙම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සටහන් වී ඇති බවද අධිකරණයේ දී හෙළි වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes