General09 October 2023

ඉන්ධන මිල ගැන හදිසියේම ජනපති කළ ප්‍රකාශය

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ ඇති බවට ජනාධිපතිවරයා පවසනවා.

අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

මේ අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
Related recommendation
Hiru TV News | Programmes