General13 October 2023

සියලුම වාහන ආනයනයට අවසර?

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වාහන ආනයනය කිරීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බවයි.

එමෙන්ම අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes