General06 July 2024

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමක් සිදු නොවේ - ජනපති

මේ වසරේ යලි රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමක් සිදු කළ නොහැකි බව ජනපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

ඒ මෙම වර්ෂය මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් බල ගැන්වීමේ උත්සවයට අද (06) වැල්ලවායේ දී එක්වෙමින්.
Related recommendation
Hiru TV News | Programmes