General06 September 2024

ව්‍යාජ ඔප්පුවකින් 36 ලක්ෂයකට ඉඩමක් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග

ව්‍යාජ ඔප්පු සකස්කර ඉඩමක් රුපියල් 36 ලක්ෂයකට බදු දී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (06) පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියේ පැමිණිලි පාර්ශ්වයේ නීතීඥවරුන් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු හෙළි කළා.

නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පු සකස්කර රුපියල් 36 ලක්ෂයකට බදු දී වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ වු කරුණු මත එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි එම නියෝගය කර තිබෙන්නේ.

ඒ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ වංචා විමර්ශන කාර්යාංශය එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
Related recommendation
Hiru TV News | Programmes