පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000 ක් සිදුව ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.
පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්, 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපෙක්ෂා කරන බව ඔහු කියා සිටියා.
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය - 2024 සමාරම්භක උත්සවය පසුගියදා පැවැති අවස්ථාවට එක්වෙමින්.
ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලය යනු ලංකාවේ පිළිකා රෝග විශේෂඥ ක්ෂේත්රයේ ප්රගමනය සදහා කැපවී සිටින ප්‍රමුඛතම වෘත්තීය ආයතනයයි. ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥයින් අතර, සහෝදරත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම, දැනුම යාවත්කාලීන කිරීම සහ සායනික භාවිතයන් වැඩිදියුණු කිරීම ද අරමුණු කරගෙන විදේශ විශේෂඥයන් සහ දේශීය විද්වතුන් රැසකගේ දේශන, ප්‍රායෝගික අත්දැකීම් බෙදාහදා ගැනීම්, පිලිකා සම්බන්ධව මෙරට සිදු කරන නවතම පර්යේෂණ ප්‍රථිඵල ද සමග “ක්ෂිතිජය පුළුල් කිරීම, ජීවිත වැඩි දියුණු කිරීම” “Expanding horizons, Enhancing lives” යන්න තේමා කර ගනිමින් මෙම සමාරම්භක සැසියට සමගාමීව ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සම්මන්ත්රණ මාලාවක් ද පැවැත්වේ.
එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් ලෙස පවතින බවයි.
2022 දී පමණක් ලොව පුරා මිලියන 20 කට ආසන්න ජනතාවක් පිළිකා රෝගයට ගොදුරුව ඇති බවත්, ඒ හේතුවෙන් මිලියන 9.7 කට අධික පුද්ගල ජීවිත අහිමි වූ බව ඔහු කියා සිටියා.
අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද පිළිකා රෝගයේ වැඩිවන බරට මුහුණ දී සිටින බවත්, පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද මරණ 19,000 ක් වන බව ද වයස, ස්ත්‍රී පුරුෂ භාවය හෝ පසුබිම පිළිකාව වෙනස් කොට සලකන්නේ නැති බව ඉහත සංඛ්‍යා ලේඛණ වලින් තහවුරු වන බව ලේකම්වරයා පෙන්වා දුන්නා.
මෙරට පියයුරු, ගැබ්ගෙල, පෙනහළු සහ මහා බඩවැලේ පිළිකා රෝගී තත්ත්වයන් මරණ සඳහා ප්රමුඛව දායක වන බවත්, සැලකිය යුතු ලෙස පිරිමින් අතර මුඛ පිළිකා ඉහළම අගයක් ගන්නා බවත්, (ජනගහනයෙන් 100,000 කට රෝගීන් 16.5 ක් ලෙස රෝගීන් 1990), පියයුරු පිළිකා කාන්තාවන් අතර ඉහළ අගයක් ගන්නා බවත් (ජනගහනයෙන් 100,000 කට රෝගීන් 27.3 ක් ලෙස රෝගීන් 4555) පවසනවා.
මුඛ පිළිකා සහ පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බැවින් වැළැක්වීම, කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ද පෙන්වා දෙන ලදි.
සෞඛ්‍ය සේවාවේ නියමුවන් ලෙස ලෙස මෙම අභියෝගයට මුහුණදීමේ වගකීම අප සතු වන බවත්, විශේෂයෙන් අප වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද පැවසීය. 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල විශාලතම වැඩිවීමක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව පවසනවා.
ගෝලීය වශයෙන්, සියලුම පිළිකා රෝග අතරින් සියයට 5 ත් 10 ත් ජානමය දෝෂවලට හේතු වන අතර, පිළිකාවලින් සැලකිය යුතු කොටසක් 95% දක්වා දුම්කොළ, මධ්‍යසාර, පෝෂණය සහ ශාරීරික අක්‍රියතාවය වැනි පාරිසරික සහ ජීවන රටා සාධකවලට හේතු වේ. මෙම වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමෙන්, අපට සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බවත්, පිළිකාවට එරෙහි සටනේදී වැළැක්වීම අපගේ බලවත්ම මෙවලම බවත්, එය ලාභදායි පමණක් නොව ප්‍රමාද වී සුව කළ නොහැකි බවට පත් විය හැකි පිළිකා ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට හැකිවන බව ද කියා සිටියා.
ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ පිළිකාවට එරෙහි සටනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත්, පිළිකා ප්‍රතිකාර පිළිබඳ ප්රමිතීන් ඉහළ නැංවීමට, දැනුම බෙදා ගැනීමට පහසුකම් සැලසීමට සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට ගත් උත්සාහය ආදර්ශවත් බවත්, ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ සාමූහික කාර්යය ජාතිය පුරා පිළිකා සත්කාර වැඩිදියුණු කිරීමට සෘජුවම දායක වී ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.

Latest News
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට
Local
10 June 2026
පාකිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට
Local
10 June 2026
අළුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී අයෙක් මරුට
Local
10 June 2026
විමල්ගේ සහෝදරයාට රටින් යෑම තහනම්: ඉංජිනේරු සංස්ථා වාහන අවභාවිතයේ සැකකරුවකු ලෙසත් නම් කරයි
Local
10 June 2026
පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට
Local
10 June 2026
චීන - දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය හෙට ඇරඹේ: ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ලාංකික දූත පිරිසක් චීනයට
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ තිදෙනෙකු අනතුරක: අයෙක් සොයා මෙහෙයුම්
Local
10 June 2026
දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජලය සඳහා නව උපරිම සිල්ලර මිලක්
Local
10 June 2026
Sasakawa Trust නිපොන් කාර්යාල ගොඩනැගිල්ල හෙට විවෘත කරයි
Local
10 June 2026
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026