අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදී සිටිය දී අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර කාන්තාවන් 23දෙනෙකු ද සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක මෙම ජාවාරම සිදු කෙරෙන සමාගම පවත්වාගෙන ගොස් තිබෙනවා.
අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකුද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
කොරියානු තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.
අදාළ පැමිණිල්ල මගින් වංචාවට හසුවූ පුද්ගලයා සඳහන් කර තිබුණේ රුපියල් කෝටි 30ක වටිනාකමක් සහිත මූල්‍ය වංචාවක් තමන්ට සිදුව ඇති බවටයි.
විදේශ රටවල සිටින පුද්ගලයින් මෙම වංචාවට හසුකරගැනීම සඳහා මෙම ලාංකිකයින් මෙහෙයවා ඇති බවත්, මෙම ආයතනයේ සේවකයින් 180කට අසන්න පිරිසක් සේවයේ නිරතව සිට ඇති බවටයි අනාවරණ වන්නේ.
මොවුන් සියලුදෙනා කොරියානු, චීන සහ ජපන් භාෂාව හැසිරවිය හැකි පුද්ගලයින් වන අතර, මෙම වංචාව සිදුකළ අදාළ සමාගම විදේශිකයෙකු විසින් සිදු කරන බවටයි අනාවරණ වී ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 59 දෙනා අද අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
බොරලැස්ගමුව ඝාතනයේ වෙඩික්කරු කොට්ටාව පොලිසියට කොටුවෙයි
Local
09 October 2026
හබරාදූවේ සහෝදරියන් දෙදෙනා ඝාතනය රන් බඩු සහ මුදල් ගැනීමටදැයි සැක
Local
08 October 2026
හූති ප්රහාර හමුවේ රියාද් යවන ශ්‍රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි
Local
08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්රම්ප්
Local
08 October 2026
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ
Local
08 October 2026
ඔස්ට්රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්
Local
08 October 2026
"ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර
Local
08 October 2026
නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්රික් කාර්යාල පහකින්
Local
08 October 2026
කල්අඩි ප්‍රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි
Local
08 October 2026
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
Local
08 October 2026