දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි.
ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි.
ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත්, තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, තමාගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බවත් ඔහු සඳහන් කරනවා.
තමන්ට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත්, එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් එම නිවේදනය මගින් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම, මේ මොහොතේ මතුව ඇති එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026
බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන: කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි
Local
08 July 2026