කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරට වින්ධ්‍යා ජයසේකර පත් කර තිබෙනවා.
ඒ 2025 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදියි.
වසර 11ක් එම තනතුරේ සේවය කොට විශ්‍රාම ලබන ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක වෙනුවටයි ඇය පත්කර ඇත්තේ.
ආයෝජන බැංකුකරණය සහ වත්කම් කළමනාකරණ කර්මාන්ත හරහා මිලදී ගැනීමේ සහ විකිණීමේ පාර්ශ්ව යන දෙඅංශයෙන්ම විශේෂඥතාවක් ඇති ප්‍රාග්ධන වෙළඳපොළවල වසර 20කට අධික අත්දැකීම් ඇය සතු වනවා.
නව තනතුරට පත්වීමට පෙර, ඇය NDB වෙල්ත් මැනේජ්මන්ට් ලිමිටඩ් හි ප්‍රධාන ආයෝජන නිලධාරිනිය ලෙස සේවය කර තිබෙනවා.
එහිදී ඇය රුපියල් බිලියන 380ක් ඉක්මවන වත්කම් අධීක්ෂණය කරමින් වත්කම් කළමනාකරණ අංශයට නායකත්වය දුන් බව පැවසෙනවා.
ඇයගේ සේවා කාලය තුළ, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, ණයකර, ආයතනික ණය සහ කොටස් ආයෝජන ඇතුලු විවිධ අවදානම්-ප්‍රතිලාභ පැතිකඩ සහිත අරමුදල් කිහිපයක අන්‍යෝන්‍ය අරමුදල් වත්කම් කළමනාකරණය කර තිබෙනවා.
ඇයගේ මූල්‍ය වෘත්තිය ජීවිතය NDB ආයෝජන බැංකුවෙන් ආරම්භ කළ බවයි සඳහන්.
2007 දී කීර්තිමත් “Fulbright–Lehman Brothers මූල්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නව නායකයින්” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජයසේකර ඇමරිකා එක්සත් ජනපදයේ ලෙහ්මන් බ්‍රදර්ස් හි ආයතනයට තෝරා ගෙන තිබෙන බවද පැවසෙනවා.
ඇය කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) මූල්‍ය සේවා ඇකඩමිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය ඇතුළු බොහෝ ප්‍රමුඛ අධ්‍යයන සහ වෘත්තීය ආයතන සඳහා කථිකාචාර්යවරියක් සහ සම්පත්දායකයෙකු ලෙස සේවය කර තිබෙනවා.
මේ අතර ඇය මූල්‍ය වෙළඳපොළ සහ අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳ දේශන පැවැත්වීම සිදුකරනවා.
මැය CFA ප්‍රඥප්තිලාභිනියක් සහ ගෝලීය අවදානම් වෘත්තිකයන්ගේ සංගමය විසින් පිළිගත් සහතිකලත් මූල්‍ය අවදානම් කළමනාකරුවෙකු (FRM) වනවා.
එමෙන්ම වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (ACMA) සහකාර සාමාජිකාවක් ද වන අතර වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී (CGMA) තනතුර හොබවනවා.
ඇය ඇමරිකා එක්සත් ජනපදයේ උර්බානා-චැම්පේන් හි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගෙන තිබෙන බව සඳහන්.

Latest News
මිගමු බන්ධනාගාර සිද්ධිය - ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි
Local
09 July 2026
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026