කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරට වින්ධ්‍යා ජයසේකර පත් කර තිබෙනවා.
ඒ 2025 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදියි.
වසර 11ක් එම තනතුරේ සේවය කොට විශ්‍රාම ලබන ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක වෙනුවටයි ඇය පත්කර ඇත්තේ.
ආයෝජන බැංකුකරණය සහ වත්කම් කළමනාකරණ කර්මාන්ත හරහා මිලදී ගැනීමේ සහ විකිණීමේ පාර්ශ්ව යන දෙඅංශයෙන්ම විශේෂඥතාවක් ඇති ප්‍රාග්ධන වෙළඳපොළවල වසර 20කට අධික අත්දැකීම් ඇය සතු වනවා.
නව තනතුරට පත්වීමට පෙර, ඇය NDB වෙල්ත් මැනේජ්මන්ට් ලිමිටඩ් හි ප්‍රධාන ආයෝජන නිලධාරිනිය ලෙස සේවය කර තිබෙනවා.
එහිදී ඇය රුපියල් බිලියන 380ක් ඉක්මවන වත්කම් අධීක්ෂණය කරමින් වත්කම් කළමනාකරණ අංශයට නායකත්වය දුන් බව පැවසෙනවා.
ඇයගේ සේවා කාලය තුළ, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, ණයකර, ආයතනික ණය සහ කොටස් ආයෝජන ඇතුලු විවිධ අවදානම්-ප්‍රතිලාභ පැතිකඩ සහිත අරමුදල් කිහිපයක අන්‍යෝන්‍ය අරමුදල් වත්කම් කළමනාකරණය කර තිබෙනවා.
ඇයගේ මූල්‍ය වෘත්තිය ජීවිතය NDB ආයෝජන බැංකුවෙන් ආරම්භ කළ බවයි සඳහන්.
2007 දී කීර්තිමත් “Fulbright–Lehman Brothers මූල්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නව නායකයින්” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජයසේකර ඇමරිකා එක්සත් ජනපදයේ ලෙහ්මන් බ්‍රදර්ස් හි ආයතනයට තෝරා ගෙන තිබෙන බවද පැවසෙනවා.
ඇය කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) මූල්‍ය සේවා ඇකඩමිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය ඇතුළු බොහෝ ප්‍රමුඛ අධ්‍යයන සහ වෘත්තීය ආයතන සඳහා කථිකාචාර්යවරියක් සහ සම්පත්දායකයෙකු ලෙස සේවය කර තිබෙනවා.
මේ අතර ඇය මූල්‍ය වෙළඳපොළ සහ අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳ දේශන පැවැත්වීම සිදුකරනවා.
මැය CFA ප්‍රඥප්තිලාභිනියක් සහ ගෝලීය අවදානම් වෘත්තිකයන්ගේ සංගමය විසින් පිළිගත් සහතිකලත් මූල්‍ය අවදානම් කළමනාකරුවෙකු (FRM) වනවා.
එමෙන්ම වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (ACMA) සහකාර සාමාජිකාවක් ද වන අතර වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී (CGMA) තනතුර හොබවනවා.
ඇය ඇමරිකා එක්සත් ජනපදයේ උර්බානා-චැම්පේන් හි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගෙන තිබෙන බව සඳහන්.

Latest News
ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025

පුටින් දෙසැම්බරයේ ඉන්දියාවට
Local
29 September 2025

ජනපති ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක
Local
29 September 2025

රාජගිරිය අනතුර ගැන පාඨලී ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 24 දා විභාගයට
Local
29 September 2025

ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන් තැබේ
Local
29 September 2025