ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇති ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරාගේ බැංකු ගිණුමකට එම ඝාතනය මෙහෙයවූ කෙසෙල්බද්දර පද්මේ විසින් රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බව හෙළි වී තිබෙනවා.
ඒ අදාළ ඝාතනය සිදු වූ පසුගිය 19 වැනිදාට පසුවයි.
සැකකාර කාන්තාව ඝාතනයෙන් පසුව කලුතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටද අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.
එම ඝාතනය සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇත්තේ දැනට සැඟවී සිටින 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාවයි.
මේවන විට ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කෙරෙන අතර ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේවන විට අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරින් සමත් වී තිබෙනවා.
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු වූ කමාන්ඩෝ සමිඳු සහ සැකකාර ඉෂාරා සෙව්වන්දි දිවුලපිටිය ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා
ඝාතනයෙන් පසුව ඉෂාරා සෙව්වන්දි මතුගම ප්‍රදේශයට පළා ගොස් ඇති අතර ඊට පෙර ඇය කලුතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම සැකකාර කාන්තාව සහ මේවන විට අත්අඩංගුවට ගෙන සිටින ඝාතනයේ වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳු පසුගිය 18 වැනිදා දිවුලපිටිය ලැගුම්හලක සිට මිනුවන්ගොඩ දූනගහ ප්‍රදේශයට ගොස් රාජ්‍ය බැංකුවකින් රුපියල් 50,000 මුදලක් ලබා ගෙන ඇති අතර අනතුරුව කුලී රථ යෙදවුමක් හරහා වාහනයක් වෙන් කරවාගෙන තිබෙනවා.
අනතුරුව සැකකාර ඉෂාරා සෙව්වන්දි සහ වෙඩික්කරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණ ඇති බවයි සී.සී.ටී.වි දර්ශන ඔස්සේ කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ
එම කුලී රථ රියැදුරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා
රියැදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ සැකකාර කාන්තාව බැංකුවට ගිය අවස්ථාවේ වෙඩික්කරු ලෙස කටයුතු කළ කමාන්ඩෝ සමිඳු රථයේ සිට ඇති අතර ඔහු තමාට දුම්වැටියක්ද ලබා දුන් බවයි
ඉෂාරා සෙව්වන්දි සහ කමාන්ඩෝ සමිඳු එම කුලී රථ රියැදුරු සමග සුහදව කතාබස් කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිගේ මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා කඩුවෙලට යන බවයි ඔවුන් පවසා තිබෙන්නේ
එමෙන්ම මෙම ඝාතනය මෙහෙයවූ අපරාධ කල්ලි නායක කෙසෙල්බද්දර පද්මේ ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසුව දැනට අත්අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරාගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා
ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණයේදී ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබුණු බවට මීට පෙර වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන්ද සැකකාර ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා දැනුවත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක ගිනි අවියක හැඩයට පිටු කපා ඒ තුළ ගනේමුල්ලේ සංජීව ඝාතනයට යොදා ගත් ගිනි අවිය සඟවාගෙන අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අතර අදාළ ගිනි අවිය එලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක සඟවා ඇත්තේ මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර ,අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා නිසා ඉෂාර සෙව්වන්දිගේ මව සහ සොහොයුරා පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළා.
සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයෙන් අවසර අයද සිටි අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකරුවන් මාර්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

Latest News
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
Local
10 July 2026
ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ
Local
10 July 2026
ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර
Local
10 July 2026
පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ
Local
10 July 2026
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
Local
10 July 2026
සඳට ගිය ආටෙමිස්-2 මෙහෙයුමේ ජෙරමි හැන්සන් පූර්ණකාලීන අභ්‍යවකාශගාමී වෘත්තියෙන් සමුගනියි!
Local
10 July 2026
ට්‍රම්ප් ඝාතනයට ඉරානය හැදූ අලුත් කුමන්ත්‍රණයක් ගැන ඊශ්‍රායලය අමෙරිකාවට කියයි
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට අද වැසි
Local
10 July 2026
කතරගම පාද යාත්‍රා බැතිමතුන් කුමන පිවිසුමේ දැඩි අසීරුවක
Local
10 July 2026
ප්‍රංශය අවසන් පූර්ව වටයට
Local
10 July 2026