නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද අද (24) පෙරවරුවේ නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩ භාර ගනු ලැබුවා.
ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක්.
එමෙන්ම, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශ්‍රම අධ්‍යයනය පිළිබඳව ද, ඕස්ට්‍රේලියාවේ Flinders විශ්වවිද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳව ද, එක්සත් රාජධානියේ South Wales විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ද පශ්චාත් උපාධි ද ඇය හිමිකරගෙන තිබෙනවා.
2001 වර්ෂයේදී කම්කරු නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති නදීකා වටලියද්ද, ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇත්තේ 2003 වර්ෂයේදීයි.
ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෙමසාරිස්වරියක ලෙසත්,ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙසත්, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමණාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස මෙන්ම, රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු හොඹවා තිබෙනවා.
එමෙන්ම, නදීකා වටලියද්ද කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව ද වේ.

Latest News
විහාර මහාදේවී උද්යානයේ භික්ෂූන්ට එල්ල කළ බව කියන ප්රහාරය විපක්ෂ නායක සජිත් හෙළා දකී
Local
18 October 2026
විදුලි බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
Local
17 October 2026
ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සත්යග්රහයට කොටපොල අමරකිත්ති හිමියෝත් එක්වෙති
Local
17 October 2026
කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල
Local
17 October 2026
පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි
Local
17 October 2026
පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
Local
17 October 2026
සබරගමුව, මධ්යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Local
17 October 2026
ICONIC AWARDS 2026 සම්මාන රාත්රියේදීත් 'හිරු' ට සම්මාන
Local
17 October 2026
ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
Local
17 October 2026
සම්ප්රේෂණ පද්ධතිය 100%ක් සහ බෙදාහැරීමේ පද්ධතිය 80%ක් යථා තත්ත්වයට - බලශක්ති ඇමති කියයි
Local
17 October 2026