අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.
ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත් එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබුණා.
නමුත් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වැනිදා වුවද චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29 වැනිදා බවත් එම නිලධාරිනිය පෙන්වා දුන්නා.
ඒ අනුව සැකකාර චාමර සම්පත් විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවසුවා.
මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ මහතා අදාළ චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත් වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවයි.
සැකකාර චාමර සම්පත්ගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
මෙම ඉල්ලීම අද දහවල් සලකා බැලීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීන්දු කළා.

Latest News
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026