General20 May 2025

විද්‍යුත් වාහනවල බදු වැඩි කරන්න මුදල් කාරක සභාවේ අනුමැතිය දීලා

විද්‍යුත් වාහන සඳහා වන බදු වැඩි කිරීම පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මෙම බදු වැඩිවීමට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ සඳහා පනවා ඇති බදු සහ විදුලි වාහන සඳහා පනවා ඇති බදු අතර පරතරය ඉතා පුළුල් වීම බවයි.

ඒ අනුව අදාළ සංශෝධනයෙන් පසුවත් පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා වන බද්දට වඩා විද්‍යුත් වාහන සඳහා වන බද්ද අඩු වුවත්, එය පෙර මට්ටමට වඩා වැඩි විය යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes