අමෙරිකානු 'දැවැන්ත බලඇණියක්' ඉරානය දෙසට: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ඉරානය සමග පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රබල යුධ නැව් සමූහයක් (Armada) ඉරානය දෙසට යාත්‍රා කරමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී එයාර් ෆෝස් වන් (Air Force One) ජනාධිපති නිල ගුවන් යානයෙන් යළි පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
"අපි ඔවුන් දෙස අවධානයෙන් සිටිනවා. අප සතුව විශාල බලඇණියක් තිබෙනවා, එය දැන් ඉරානය දෙසට ගමන් කරමින් පවතිනවා. අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට අපි සූදානම්," යැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
මෙම බලඇණියට USS ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ තවත් ප්‍රහාරක නෞකා කිහිපයක් ඇතුළත් වන බව වාර්තා වෙනවා.
මෙම යුධ නැව් යැවීම සෘජු ප්‍රහාරයක් සඳහාම සිදු කළ එකක් දැයි මාධ්‍යවේදීන් විමසූ විට, ජනාධිපතිවරයා කියා සිටියේ තමන් කිසිදු ගැටුමක් ඇති කර ගැනීමට අකමැති වුවත්, ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවයි.
"සමහරවිට අපට මේවා භාවිත කිරීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් අපි ඉරානයේ ක්‍රියාකලාපය දෙස ඉතා සමීපව අවධානය යොමු කරගෙන සිටිනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
පසුගිය කාලය පුරා ඉරානය තුළ පවතින රජයට එරෙහි විරෝධතා මැඩපැවැත්වීමට එරට ආරක්ෂක අංශ ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවත සක්‍රීය කිරීමට ගත් උත්සාහයන් මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

Latest News
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026