International02 March 2026

''චීනය වේගයෙන් සූර්ය සහ විද්‍යුත් බලශක්තිය දෙසට හැරෙයි - තෙල් ගෑස් අවශ්‍යතා ඉදිරියේදී අවම වෙයි'' - එලොන් මස්ක්

චීනය ඉතා ශීඝ්‍රයෙන් සූර්ය බලශක්තිය සහ විද්‍යුත් බලශක්තිය මත පදනම් වූ අනාගතයක් කරා ගමන් කරමින් සිටින බවත්, එමගින් ෆොසිල ඉන්ධන (තෙල් සහ ගෑස්) සඳහා පවතින අවශ්‍යතාවය බෙහෙවින් අවම වනු ඇති බවත් ටෙස්ලා (Tesla) ප්‍රධානී එලොන් මස්ක් පවසනවා.

සිය x ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටියා.

"චීනයේ සමස්ත වාහන සංඛ්‍යාවෙන් 12%ක්ම දැන් විද්‍යුත් වාහන (EV) බව නිල දත්ත වාර්තා කරනවා.

මේ හේතුවෙන් 2025 වසරේදී එරට ඉන්ධන අලෙවිය 5.7% කින් විශාල ලෙස පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes