International03 April 2026

ඇපලෝ 13 පිහිටවූ වාර්තාව බිඳ හෙලමින් ආටිමිස් II සඳේ ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වීමට සූදානම්

නාසා හි ආටිමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් කැප්සියුලය ,පෘථිවි කක්ෂයෙන් සඳ දෙසට යන මාර්ගය වෙත යොමු වී තිබෙන අතර මිනිසුන් අභ්‍යවකාශයේ මෙතෙක් ගමන් කර ඇති වැඩිම දුර කරා ළඟා වීම ඔවුන්ගේ අරමුණයි.

1970 දී ඇපලෝ 13 විසින් පිහිටුවන ලද දුර වාර්තාව පරාජය කිරීමට සූදානම් වන ආටිමිස් II මෙහෙයුම ඉරිදා උදෑසන වන විට සඳෙහි ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වීමට සැලසුම් කර තිබෙනවා.

නාසා හි ආටිමිස් වැඩසටහන් ප්‍රධානී ලෝරි ග්ලේස් පැවසුවේ ගගනගාමීන් 4 දෙනා නිරෝගීව සිටින අතර අභ්‍යවකාශ යානයද හොඳින් ක්‍රියා කරන බවයි.

කෙසේ නමුත් ආටිමිස් 2 යානය අභ්‍යවකාශ ගත වී පැය කිහිපයක් ඇතුළත යානයේ වැසිකිළි පද්ධතියේ දෝෂයක් මතුව ඇති අතර, එය පාලක මැදිරියේ ද සහය සමග නිරාකරණය කර ගැනීමට ගගනගාමීන් කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes