General05 April 2026

ධර්මපුරම්හිදී ලෝඩර් රථයක යතුරුපැදියක් ගැටී 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මුලතිව් සිට පරන්තන් දෙසට ධාවනය වූ ලෝඩර් රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි පසුපස ගමන් කළ අනෙක් තරුණයා වහාම ධර්මපුරම් රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණයන් දෙදෙනාම 20 හැවිරිදි වියේ පසුවන ධර්මපුරම් ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියෙන් පසු ලෝඩර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරට පත් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ධර්මපුරම් පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes