රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදුරුප්පුවීදිය පොලිසියේ අධිකරණ රාජකාරිවල නිරතව සිටි කොස්තාපල්වරයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය හරහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව සැකකාර කොස්තාපල්වරයා කුලී පදනම මත රැඳී සිටි කාමරය වටලා මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
එහිදී සැකකරු රැඳී සිටි කාමරයේ තිබූ කුඩා අල්මාරියක් තුළ, කොට්ටය යට සහ විවිධ ස්ථානවල සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40,710ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225ක්, මත්පෙති 300ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,950ක් සහ නීතිවිරෝධී දුම්වැටි 120ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නෙක්.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි සහ පොලිස් අධිකාරී (මෙහෙයුම්) ඉසුරු නිශාන්ත යන දෙපලගේ උපදෙස් මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්තගේ මෙහෙයවීමෙන් ඒකක 03 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Latest News
ඩෙංගු යළි අවදානම්: ගත වූ කාලයේදී මරණ 20ක් සහ රෝගීන් 35,300ක්
Local
06 June 2026
එක්සත් ජාතීන්ගේ ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ ප්‍රධාන දේශනයක් සඳහා ලාංකීය තරුණියක තේරී පත්වෙයි
Local
06 June 2026
2026 ලෝක කුසලානයට සමගාමීව Netflix හරහා නවතම FIFA වීඩියෝ ක්‍රීඩාවක් හඳුන්වා දෙයි
Local
06 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 75 ඉක්මවූ තද වැසි
Local
06 June 2026
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
Local
06 June 2026
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
Local
06 June 2026
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Local
05 June 2026
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
Local
05 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026