General19 June 2026

ඩෙංගු මරණ 28 දක්වා ඉහළට: රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල අද පරීක්ෂාවට

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් 44,480 මේ වනවිට වාර්තා වී තිබෙනවා.

මේ අතර, දිවයිනම ආවරණය වන පරිදි දියත් කර ඇති විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේ 05 වන දිනය වන අද (19) රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල පරීක්ෂාවට ලක් කෙරෙනවා.

වසරේ මේ දක්වා කර ඇති පරීක්ෂාවන්ට අනුව පාසල් ඇතුලු අධ්‍යාපන පරිශ්‍රවලට පසු ඉහළම ඩෙංගු අවධානම් සහිත කාණ්ඩය ලෙස රාජ්‍ය ආයතන නම් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes