International19 June 2026

අමෙරිකාව සහ කටාර් රාජ්‍යය ඉරාන සහාය ඇතිව කළ සාකච්ඡාවකට අනුව සටන් විරාමයකට ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් එකඟ වෙයි

අමෙරිකාව සහ කටාර් රාජ්‍යය, ඉරානයේ ද සහය ඇතිව සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් අතර සටන්විරාමයකට එළැඹීමට එකඟ වී ඇති බව ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සටන්විරාම ගිවිසුම අද (19) ඇමෙරිකානු වේලාවෙන් පස්වරු 4:00 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදකාමී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් පාර්ශව කිහිපයක මැදිහත්වීමෙන් මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes