General20 June 2026

ජනපති අනුර හමුවීම වරප්‍රසාදයක්: ICC සභාපතිගෙන් එක්ස් සටහනක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ප්‍රකාශ කළා.

ඊයේ (19) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති හමුවෙන් අනතුරුව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදී ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමි වන්නේ ඉතා සුවිශේෂි ස්ථානයක් බව පෙන්වා දුන් ජේ ෂා ජාත්‍යන්තර තරගාවලි සදහා සත්කාරකත්වය සැපයීමේදී මෙන්ම ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වය ද අගය කළා.

එමෙන්ම, මෙම හමුවේදී නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථාව තවදුරටත් පුළුල් කිරීම මෙන්ම බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

අනාගත පරපුර වෙනුවෙන් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙරට සියලු පාර්ශවයන් සමග සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව පැවසූ අය සී සී සභාපතිවරයා, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන සහයෝගයට සිය ස්තූතිය ද පුද කළා.
Related recommendation
Hiru TV News | Programmes