දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය ධාවනය අද (20) උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයෙන් යළි ආරම්භ කෙරුණා.
ඒ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මාස 7කට පසු නායයෑමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමත් සමගයි.
මේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.
එහිදී නානුඔය දුම්රිය ස්ථානයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව දුම්රිය ධාවනය කිරිමේ කටයුතු ආරම්භ කිරීමේදී පොඩි මැණිකේ දුම්රියෙන් ඇල්ල සහ බදුල්ල දක්වා ගමන් කිරිමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් පැමිණ සිටියා.
මාස 7ක් පුරාවට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඹේවෙල සහ බදුල්ල අතර පමණක් සිදු කෙරුණා.
අඹේවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, පැරකුම්පුර ප්‍රදේශයේ නාය ගොස් තිබූ ස්ථානය දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ අධික්ෂණය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් එක්ව ප්‍රතිසංස්කරණය සිදු කර තිබුණා.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක පැවසුවේ මේ වසර අවසාන වන විට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට බදුල්ල දක්වා සිදු කිරිමට අපේක්ෂා කරන බවයි.

Latest News
කොළඹ - මහනුවර පාරේ කෑගල්ලේදී දරුණු රිය අනතුරක් - වාහන 6ක් එකිනෙක ගැටී අයෙක් මරුට, 10කට තුවාල
Local
22 June 2026
බිනෝයි අත්අඩංගුවට ගැනීමට එරෙහිව 'රට Next' සංවිධානයෙන් විරෝධය
Local
22 June 2026
විදුලි ප්‍රතිසංස්කරණවල නියම ප්‍රතිඵල ලැබීමට කල් යනු ඇතැයි බලශක්ති ඇමති කියයි
Local
22 June 2026
‘සංඛරාජා’ අලියා නිර්වින්දනය කර අල්ලා ගනී
Local
22 June 2026
ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
Local
22 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු
Local
22 June 2026
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
22 June 2026
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026