International20 June 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර

හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා වසා දැමීමට පියවර ගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදේශීය පුවත් සේවා වාර්තා කරන්නේ, ටෙහෙරාන් පාලනය සහ වොෂින්ටනය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම (MoU) අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍ර්‍රායලය විසින් උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

විශේෂයෙන්ම ලෙබනන් කලාපය තුළ ඇති වූ සටන් විරාම එකඟතාවන් බිඳ හෙළමින් සිදු වූ ක්‍රියාකාරකම් මීට හේතු වී ඇති බව ඉරාන ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes