General21 June 2026

ලෝක පියවරුන්ගේ දිනය අදයි

ලෝක පියවරුන්ගේ දිනය අද (21) දිනයට යෙදී තිබෙනවා.

සෑම වසරකම ජුනි මාසයේ තුන්වැනි ඉරිදා දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස බොහෝ රටවල්වල සමරනවා.

මෙම සැමරීම 1910 වසරේදී පමණ අමෙරිකාකාවෙන් ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.

අනතුරුව 1916 වනවිට අමෙරිකාවේ ජනාධිපතිව සිටි වුඩ්රෝ විල්සන් මෙම දිනය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබුණා.

මේ අතර ලෝකයේ ඇතැම් රටවල් නොවැම්බර් 19 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය වශයෙන් සමරනවා.

අම්මා සඳ වූ ලොවේ හිරු ලෙස එළිය දෙන්නෙත් දරුවන්ට සුව ජිවිතයක් ළඟා කරවන්න වෙහෙස දහඩිය කඳුළු මතින් ජීවිත සටනක යෙදී සිටින්නේ ආදරණීය පියයි.

මෙරට සංස්කෘතිය පදනම් කරගත් අපි, දෙමාපියන්ට සැළකීම ජීවිතයේ කොටසක් කරගෙන සිටිමු.
Related recommendation
Hiru TV News | Programmes