General21 June 2026

මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්

අධි තාක්ෂණික CT ස්කෑන් යන්ත්‍ර 11ක් මෙරට රෝහල් පද්ධතියට ලබාදී තිබෙනවා.

ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සඳහා මෙම ස්කෑන් යන්ත්‍ර වැදගත් වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ වන විට කළුතර සහ කුරුණෑගල යන රෝහල් සඳහා නවීනතම CT ස්කෑන් යන්ත්‍ර සවිකර තිබෙනවා.

මෙම යන්ත්‍ර සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 1950 ක්.
Related recommendation
Hiru TV News | Programmes