General21 June 2026

අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්

අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලු රජයේම ගැටලු ලෙස සලකා, ඒවා ප්‍රමුඛතා පදනමක් මත විසඳීමට පියවර ගන්නා බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 2,452 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වන බවද ඔහු පැවසුවා.

මේ අතර තවත් වාර්තා නොවූ සිද්ධීන් විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes