ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ක්ෂණික ප්රතිලාභ කිහිපයක් අත්කරගෙන තිබුණද, එහි ප්‍රධාන අරමුණු වන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මූල්‍ය විනය ශක්තිමත් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම වැනි ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් කල් ගතවනු ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
විදුලිබල ක්ෂේත්රයේ මෙම දැවැන්ත වෙනස්කම් සිදු කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදී බැවින්, මෙතරම් කෙටි කාලයක් තුළ විශාල ප්‍රතිඵල අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික වාසියක් ලෙස විදුලිබල ක්ෂේත්රයේ එක් එක් අංශයන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය වෙන වෙනම හඳුනා ගැනීමට දැන් අවස්ථාව ලැබී ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව ලාභ ලබන සහ පාඩු ලබන අංශ මොනවාදැයි පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වුවද, සමස්ත ක්‍රියාවලියේ මූල්‍ය විනය සහ විනිවිදභාවය තවමත් බලාපොරොත්තු වූ මට්ටමට ළඟා වී නැහැ.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා පාරිභෝගිකයාට මෙතෙක් කිසිදු ප්රත්යක්ෂ සහනයක් ලැබී නොමැති බව විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) චෝදනා කරනවා.
එහි මහ ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කළේ මෙම ප්‍රතිසංස්කරණ මගින් ආයතනයේ නම සහ ව්‍යුහය වෙනස් කළද ක්රියාකාරීත්වයේ කිසිදු දියුණුවක් සිදුව නොමැති බවයි.
කාර්යක්ෂමතාව වර්ධනය වූවා නම් විදුලි ගාස්තු දිගින් දිගටම ඉහළ යා නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කරමින්, 2026 මාර්තු 9 වැනිදා සිට විදුලිබල ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ නිල වශයෙන් බලාත්මක කරනු ලැබුවා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසුරුවා හැර, ඒ වෙනුවට නව සමාගම් 6ක් ස්ථාපනය කිරීමට පියවර ගත්තා.

Latest News
බාල වයස්කාර සිඟිත්තියක් කූරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්
Local
22 June 2026
සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි
Local
22 June 2026
ගෙවල් රැසකට සුද්දේ දීපු ''ටික්කා'' මාට්ටු
Local
22 June 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට
Local
22 June 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා
Local
22 June 2026
ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි
Local
22 June 2026
මැයි මාසයේ උද්ධමනය ඉහළට
Local
22 June 2026
“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ
Local
22 June 2026
'ටෝයි ස්ටෝරි 5' බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි - පළමු සති අන්තයේදීම ඩොලර් මිලියන 312ක ආදායමක්
Local
22 June 2026
සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්
Local
22 June 2026