කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාල නඩුවේ තීන්දුව එළැඹෙන ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (22) නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේ හිටපු විවාහක ලෝක රූ රැජිනක් වන කැරලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනායි.
අදාළ නඩුව අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
මීට වසර කිහිපයකට පෙර (2021 වසරේදී) නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජින අවසන් මහා තරගයේදී පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳි අවස්ථාවේදී සැකකාරියන් දෙදෙනා වේදිකාවට ගොස් ඇයට පහරදී බලහත්කාරයෙන් කිරුළ ගලවා දැමූ බවට චෝදනා එල්ල වී තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි කැඳවීම සහ විභාග කිරීම් පෙර නඩු දිනයන්හිදී සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, ඒ අනුව නඩුවේ අවසන් තීන්දුව මීළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026