දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් ගෝලම් සර්වර් (H.E. Md. Golam Sarwar) සිය ධුර කාලය අවසන් කර නික්ම යාමට පෙර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
මෙම සුහද හමුව අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
මෙහිදී සාර්ක් මහලේකම්වරයාව ඉතා සුහදශීලීව පිළිගත් අග්‍රාමාත්‍යවරිය, කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ඔහු ඉටුකළ මෙහෙවර අගය කළා.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ හෙට (23) කොළඹදී පැවැත්වීමට නියමිත ‘ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සමුළුව’ (Ministerial Conference on Ending Violence Against Children) සම්බන්ධවයි.
දකුණු ආසියාව පුරා වෙසෙන ළමුන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සඳහා සමස්ත කලාපයම ඒකාබද්ධව ක්‍රියා කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.
සාර්ක් ලේකම් කාර්යාලයේ වත්මන් ක්‍රියාකාරකම් සහ සාර්ක් රාමුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කලාපීය වැඩපිළිවෙල පිළිබඳව මහලේකම්වරයා මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළා.
සාමාජික රටවල් අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම හරහා ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ ළමා පෝෂණය ඉහළ නැංවීම සඳහා සාර්ක් සංවිධානය දරන උත්සාහයන් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු වුණා.
හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමටත්, කලාපීය සම්බන්ධතාවය සහ සහයෝගිතාවය වර්ධනය කිරීමටත් හැකිවන පරිදි, සාර්ක් සංවිධානය සහ අනෙකුත් කලාපීය සංවිධාන අතර සමීප සබඳතාවක් ඇති කර ගැනීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.
Latest News
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026