මෙරටට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර 77 වසරක ද්විපාර්ශ්වික සබඳතා මෙහිදී සිහිපත් කෙරුණු අතර, දෙරටේ සබඳතා වෙළෙඳ, ආරක්ෂක, ආයෝජන, සංචාරක සහ අන්‍යෝන්‍ය ජන සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ට බහුවිධ සහයෝගීතාවක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කෙරුණා.
එම ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ මෙහිදී සතුට පළ කළ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එම සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන බවද සඳහන් කළා.
මැදපෙරදිග පවතින තත්ත්වය මේ වන විට සාධනීය දිශාවකට ගමන් කරමින් තිබීමද මෙහිදී අවධානයට ලක් වූ අතර, ජූනි 19 වැනිදා එළැඹි සාම ගිවිසුම කලාපය තිරසර සාමය කරා ගෙන යනු ඇති බවටද දෙපාර්ශ්වයේම විශ්වාසය පළ කෙරුණා.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව අනුගමනය කළ මානුෂීය ප්‍රතිපත්තිය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ආපදාවට පත් නෞකා දෙක සඳහා නෛතික පදනම මත මානුෂීය සහන සැලසීමට කටයුතු කළ බවද සඳහන් කළා.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් පියවර මෙහිදී අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් වුණා.
එමෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව උපරිම සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
ශ්‍රී ලංකාවේ අපනයන පංගුවෙන් තනි රටක් ලෙස විශාල පංගුවක් අමෙරිකාව විසින් දරනු ලබන අතර දෙරට අතර පවතින එම වෙළෙඳ සහයෝගීතාව දෙරටටම ප්රතිලාභ සැලසෙන අයුරින් වර්ධනය කර ගැනීම සහ මෙරටට පනවන ලද තීරුබදු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.
ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට හිමිකම් කියන රටක්, ඇමරිකාව වැනි විශාල ආර්ථිකයකට හිමිකම් කියන රටක් සමග සැසඳිය නොහැකි බවත්, දෙරටේ වෙළෙඳ පරතරය පියවීම අපහසු කාර්යයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වූ වෙළෙඳ ගිවිසුමේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වයෙහිම අවධානය යොමු කෙරිණි.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026