General23 June 2026

කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි

හොරණ, මොරගහහේන ප්‍රදේශයේ පිහිටි කෝරළඉම ග්‍රාමීය බැංකුවක සේප්පුවක් බිඳ, එහි තිබූ රන් භාණ්ඩ සොරාගෙන සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් තිබෙනවා.

එම බැංකුවේ ආරක්ෂක නිලධාරියාව බැඳ දමා සැකකරුවන් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අද (23) අලුයම 1.00ත් 5.00ත් අතර කාලය තුළ මෙය සිදු වී ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes