ඉන්දියාවේ දේශීය තාක්ෂණයෙන් සැලසුම් කර නිෂ්පාදනය කරන ලද නවීනතම නාවික යාත්‍රා තුනක් ඉන්දීය නාවික හමුදා බලඇණියට නිල වශයෙන් එක් කිරීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොල්කටා නුවර ‘ශ්‍යාමා ප්‍රසාද් මුකර්ජි’ වරායේදී සිදු කර තිබෙනවා.
මෙසේ නාවික හමුදා සේවයට එක් කෙරුණේ ‘INS දුනගිරි’ (INS Dunagiri) නමැති උසස් රේඩාර් නාශක ප්‍රහාරක නෞකාව ‘INS සංශෝධක්’ (INS Sanshodhak) නමැති මහා පරිමාණ ජලලේඛන සමීක්ෂණ නෞකාව සහ සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා භාවිත වන ‘INS අග්රේ’ නමැති නොගැඹුරු මුහුදු සටන් යාත්‍රාවයි.
ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නව යාත්‍රා ත්‍රිත්වය නාවික හමුදාවට එක් කිරීම මගින් ඉන්දියාවේ සාගර මෙහෙයුම් ශක්තීන් සැලකිය යුතු ලෙස ඉහළ යන අතර, මුහුදු සීමාවන් පිළිබඳ නිරීක්ෂණ ධාරිතාව සහ කලාපීය භූදේශපාලනික අභියෝග හමුවේ එරට වෙරළ තීරයේ ආරක්ෂාව වඩාත් තහවුරු වනු ඇති.
මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මෝදි මෙම සුවිශේෂී අවස්ථාව ලෝකවාසී ජනතාව සමරන ජාත්‍යන්තර යෝගා දිනය යෙදී ඇති දිනයේදීම සිදුවීම සතුටට කරුණක් බව පවසා තිබෙනවා.
එමෙන්ම සියවස් ගණනාවක් පුරා ඉන්දියාව ලෝකය සමඟ යා කළ සාගර ද්වාරය ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධිමය, සංස්කෘතික සහ ජාතික පුනරුදය වෙනුවෙන් ප්රමුඛ මෙහෙවරක් ඉටුකළ ඓතිහාසික බෙංගාල භූමියට පැමිණීමට ලැබීම පිළිබඳවද ඔහු සිය සතුට පළ කළා.
මෙම ජයග්‍රහණය ඉන්දියාවේ දිනෙන් දින වර්ධනය වන තාක්ෂණික සහ නාවික කුසලතාවන් මනාව පිළිඹිබු කරන්නක් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය නාවික හමුදාවට, විද්‍යාඥයින්ට, ඉංජිනේරුවන්ට සහ සමස්ත ශ්‍රමිකයින්ට සිය සුබපැතුම් පිරිනැමුවා.
“ශක්තිමත් නාවික බලයක් නොමැතිව කිසිදු රටකට ලෝකයේ මහා බලවතෙකු ලෙස නැගී සිටින්න බැහැ. රටක සංවර්ධනය, ආරක්ෂාව සහ සමෘද්ධිය සාගරය සමඟ ඍජුවම බැඳී පවතිනවා. ලෝක වෙළඳාමෙන් බහුතරයක් සිදුවන්නේ මුහුදු මාර්ග හරහායි. ඒ වගේම ගෝලීය දත්ත ජාලයන් ක්‍රියාත්මක වන්නේත් සාගර පතුලේ ඇති සන්නිවේදන රැහැන් මඟින්,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අනාගතයේදී අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය, ගැඹුරු මුහුදේ සම්පත් සහ බලශක්ති ප්රභවයන්ගේ අයිතිය සාගර කලාපය මත තීරණය වනු ඇති බවත්, ඒ හේතුවෙන් රටක ආර්ථික සහ මූලෝපායික බලපෑම රඳා පවතින්නේ එහි නාවික ශක්තිය මත බවත් ඔහු අවධාරණය කළේය. අවසාන වශයෙන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම නාවික යාත්‍රා ත්‍රිත්වය දියත් කිරීම, රට සතු දේශීය හැකියාවන් සහ තාක්ෂණික කුසලතාවන් ලොවටම කියාපාන කදිම සාක්ෂියක් වන බවයි.

Latest News
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026