General24 June 2026

අතුරුදන් වූ තරුණියක සෙවීමට පොලිසිය මහජන සහය පතයි

හාලිඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇති බවට ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඇය සොයා ගැනීම සඳහා මහජන සහයෝගය ඉල්ලා සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

තම දියණිය අතුරුදන්ව ඇති බවට ඉකුත් මාර්තු මස 06 වැනි දින හාලිඇල ප්‍රදේශයේ පදිංචි අදාල තරුණියගේ මව විසින් ඇටම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මෙම සිදුවීමට අදාලව වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද කරුණු වාර්තා කර ඇති බව පොලිසිය පවසනවා.

• නම: රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි

• වයස: අවුරුදු 19

• ජාතික හැඳුනුම්පත් අංකය: 200750204474

• ලිපිනය: ‍හෙල මොරේතොට, හාලිඇල

අතුරුදන් වූ තරුණිය උස අඩි 5යි අඟල් 06ක් පමණ වන, සාමාන්‍ය සිරුරක් හිමි තළෙලු තරුණියක් බවත්, ඇයගේ කොණ්ඩය ඉණ දක්වා වවා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසනවා.

ඒ අනුව, මෙම ඡායාරූපයේ සිටින තරුණිය පිළිබඳව යම් තොරතුරක් වෙතොත්, වහාම ඇටම්පිටිය පොලිසියේ ස්ථානාධිපති - 071 – 8591528 හෝ ඇටම්පිටිය පොලිස් ස්ථානය 055 - 2294965 අමතන ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes