ජීවිත 10 ක් නූලෙන් බේරෙයි
පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී අද (24) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, ත්‍රීරෝද රථයක ද ගැටෙමින් ගොඩනැගිල්ලක වැදී නැවතීමෙන් සිදු වූ දරුණු අනතුරකින් තුවාල ලැබූ පස් දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අනුරාධපුරයේ වන්දනාවේ ගොස් ආපසු මීගමුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක බව ද පොලිසිය සඳහන් කරනවා.
පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම වෑන් රථය අනුරාධපුර සිට මීගමුව දක්වා ගමන් කරමින් සිටියදී පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී නොසිතූ ලෙස මෝටර් රථයක් මාර්ගය හරහා අනෙක් දිශාවට ධාවනය කර තිබෙනවා.
එහිදී වෑන් රථය පැදවූ කාන්තාව තම රථය මෝටර් රථයේ ගැටීමෙන් බේරා ගැනීමට උත්සාහ කර තිබුණා.
එම අවස්ථාවේදී වෑන් රථය පාලනයෙන් ගිලිහී ගොස්, පාලවිය දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ද ගැටෙමින් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබූ ගොඩනැගිල්ලක වැදී නැවතී තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි හය දෙනෙකුගේ ජීවිත බේරී තිබෙනවා.
වෑන් රථය ගොඩනැගිල්ලේ වැදී නැවතුණේ එහි ආවරණය සඳහා යොදා තිබූ වීදුරු ද කුඩු කරගෙන ඉදිරියට ඇදී යාමෙන් පසුවයි.
ඒ වන විට එම ගොඩනැගිල්ල තුළ සේවය කරමින් සිටි සේවිකාවක ඇතුළු පිරිසකගේ ජීවිත ද හාස්කමකින් මෙන් නූලෙන් බේරී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ගොඩනැගිල්ලේ සේවිකාව වෑන් රථය කඩා වැදුණු ස්ථානයේ සිට අඩි කිහිපයක් දුරින් මේසයක් මත ලිපිගොනු සකසමින් සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඇය රැඳී සිටි ස්ථානයේ වීදුරු ආවරණය සම්පූර්ණයෙන්ම කුඩු වී ගොස් තිබූ අතර, යම් හෙයකින් එම වීදුරු කැබලි ඇය දෙසට විසි වී ආවා නම් ඇය එම ස්ථානයේදීම මරණයට පත්වීමට පවා ඉඩ තිබූ බව පොලිසිය පවසනවා.
මෙම දරුණු රිය අනතුර හේතුවෙන් වෑන් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු සහ වෑන් රථයේ සිටි දෙදෙනෙකු ඇතුළුව පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
කෙසේ වෙතත්, වෑන් රථයේ සිටි පිරිස, ත්‍රීරෝද රථයේ සිටි පිරිස සහ ගොඩනැගිල්ලේ සිටි සේවකයින් ද ඇතුළුව ජීවිත 10 ක්ම මෙම අනතුරෙන් නූලෙන් බේරී ඇති බව පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී තිබෙනවා.
Latest News
අනපේක්ෂිතව ඩෙංගු වර්ධනය වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළි
Local
25 June 2026
අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්
Local
25 June 2026
වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක්
Local
25 June 2026
ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට විශිෂ්ට ජයක්
Local
25 June 2026
හයිටිය පරදා මොරොක්කෝවට ජය
Local
25 June 2026
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026