රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ එහිම වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ව්‍යාපාරිකයෙක්.
පැමිණිලිකරු සේවය කරන තීන්ත අලෙවි කරන ආයතනයේ වෙළඳ දැන්වීම් පුවරුව ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක (හාඩ්වෙයාර් එකක) ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ගාල්ල මහ නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර දීම සඳහා සහ ගෙවීමට ඇති මුදල් සටහන් කර දෙනු ලබන ලේඛනය ලබා දීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබු බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
ඒ සඳහා තුටු පඬුරක් ලෙස රුපියල් 5,000ක මුදලක් දෙවන සැකකරු මඟින් භාරගැනීමේ අල්ලස් චෝදනාව පළමු සැකකරු වන ආදායම් පරීක්ෂකවරයාට එරෙහිව එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.
එමෙන්ම එකී අල්ලස් මුදල පළමු සැකකරුගේ දැනුම් දීම පරිදි ඉල්ලා භාරගැනීම යන චෝදනාව මත දෙවන සැකකරු වන වැඩ ක්ෂේත්‍ර කම්කරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026