General25 June 2026

වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්

වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව අක්‍රියව පවතින මධ්‍යම තැන්පතු ක්‍රමවේද (CDS) ගිණුම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව පියවරයන් ක්‍රියාවට නැංවීමට කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අනුබද්ධිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රමවේද පෞද්ගලික සමාගම (CDS) කටයුතු කර තිබෙනවා.

ආයෝජකයන් ආරක්ෂා කිරීම උදෙසා CDS රීති පද්ධතියේ 3.10 රීතියට අනුකූලව, අක්‍රිය ගිණුම් හරහා සිදුවිය හැකි වංචා අවදානම්වලින් ගිණුම් හිමියන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර හඳුන්වා දී තිබෙනවා.
මධ්‍යම තැන්පතු ක්‍රමවේදයේ (CDS) නවතම චක්‍රලේඛයේ දක්වා ඇති මෙම වැඩපිළිවෙළ යටතේ, වසර 3ක් තිස්සේ අක්‍රියව පවතින ගිණුම් "ක්‍රියාකාරී නොවන සේවාදායක ගිණුම්" (Non-Operative Client Accounts) ලෙස වර්ගීකරණය කෙරෙන අතර, ගිණුම් හිමියා විසින් එය නැවත සක්‍රිය කරන තෙක් එම ගිණුම්වල ගනුදෙනු සහ කටයුතු සීමා කරනු ලබනවා.

මෙම අක්‍රිය ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලිය, ගිණුම් ක්‍රියාකාරී නොවූ කාලසීමාව මත පදනම්ව අදියර වශයෙන් (In phases) සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම "ක්‍රියාකාරී නොවන සේවාදායක ගිණුම්" තත්ත්වය ස්ථිර එකක් නොවන අතර, එමඟින් ගිණුම් හිමියාගේ හිමිකාරීත්ව අයිතීන්ට කිසිදු බලපෑමක් සිදු නොවේ.

එමෙන්ම ලාභාංශ සහ අනෙකුත් බෙදාහැරීම් ඇතුළු ආයතනික හිමිකම් (Corporate action entitlements) ලැබීම මෙයින් සීමා නොවන අතර, ගිණුමේ ඇති සුරැකුම්පත් පැවරීමක්, අත්හිටුවීමක් හෝ අවලංගු කිරීමක් ද මෙයින් සිදු නොවන බව එම ආයතනය අවධාරණය කරනවා.

ගිණුම් හිමියන්ට තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් මෙම ගිණුම් නැවත සක්‍රිය (Re-activate) කර ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා කොළඹ කොටස් හුවමාරු (CSE) ජංගම දුරකථන යෙදවුමේ (Mobile app) ඇති ‘Non-Operative Reactivation’ විකල්පය හරහා හෝ CDS නිල වෙබ් අඩවිය හරහා කටයුතු කළ හැකියි.
Related recommendation
Hiru TV News | Programmes