වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව අක්‍රියව පවතින මධ්‍යම තැන්පතු ක්‍රමවේද (CDS) ගිණුම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව පියවරයන් ක්‍රියාවට නැංවීමට කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අනුබද්ධිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රමවේද පෞද්ගලික සමාගම (CDS) කටයුතු කර තිබෙනවා.
ආයෝජකයන් ආරක්ෂා කිරීම උදෙසා CDS රීති පද්ධතියේ 3.10 රීතියට අනුකූලව, අක්‍රිය ගිණුම් හරහා සිදුවිය හැකි වංචා අවදානම්වලින් ගිණුම් හිමියන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර හඳුන්වා දී තිබෙනවා.
මධ්‍යම තැන්පතු ක්‍රමවේදයේ (CDS) නවතම චක්‍රලේඛයේ දක්වා ඇති මෙම වැඩපිළිවෙළ යටතේ, වසර 3ක් තිස්සේ අක්‍රියව පවතින ගිණුම් "ක්‍රියාකාරී නොවන සේවාදායක ගිණුම්" (Non-Operative Client Accounts) ලෙස වර්ගීකරණය කෙරෙන අතර, ගිණුම් හිමියා විසින් එය නැවත සක්‍රිය කරන තෙක් එම ගිණුම්වල ගනුදෙනු සහ කටයුතු සීමා කරනු ලබනවා.
මෙම අක්‍රිය ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලිය, ගිණුම් ක්‍රියාකාරී නොවූ කාලසීමාව මත පදනම්ව අදියර වශයෙන් (In phases) සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම "ක්‍රියාකාරී නොවන සේවාදායක ගිණුම්" තත්ත්වය ස්ථිර එකක් නොවන අතර, එමඟින් ගිණුම් හිමියාගේ හිමිකාරීත්ව අයිතීන්ට කිසිදු බලපෑමක් සිදු නොවේ.
එමෙන්ම ලාභාංශ සහ අනෙකුත් බෙදාහැරීම් ඇතුළු ආයතනික හිමිකම් (Corporate action entitlements) ලැබීම මෙයින් සීමා නොවන අතර, ගිණුමේ ඇති සුරැකුම්පත් පැවරීමක්, අත්හිටුවීමක් හෝ අවලංගු කිරීමක් ද මෙයින් සිදු නොවන බව එම ආයතනය අවධාරණය කරනවා.
ගිණුම් හිමියන්ට තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් මෙම ගිණුම් නැවත සක්‍රිය (Re-activate) කර ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ සඳහා කොළඹ කොටස් හුවමාරු (CSE) ජංගම දුරකථන යෙදවුමේ (Mobile app) ඇති ‘Non-Operative Reactivation’ විකල්පය හරහා හෝ CDS නිල වෙබ් අඩවිය හරහා කටයුතු කළ හැකියි.

Latest News
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026