අල්ලස් කොමිසම මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා ලබන මස තුන් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණා.
ඒ, එම සැකකරුවන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.
අදාළ සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා ඝාතනය කිරීම නැවැත්වීමට සහ ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම වෙනුවෙන් හරක් කටාගේ පාර්ශ්වයෙන් රුපියල් ලක්ෂ 1,200 ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මතයි.
විදේශගතව සිට මත්ද්‍රව්‍ය ඇතුළු මෙරට පාතාල කටයුතු මෙහෙයවමින් සිටි නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු පිරිසක් 2023 වසරේ මාර්තු පළමුවැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ මැඩගස්කරයේ ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීයි.
අනතුරුව එම වසරේ මාර්තු මස 15 වැනිදා හරක් කටා ඇතුළු සැකකරුවන් මෙරටට රැගෙන ආ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්ණ කිරීමටයි පියවර ගෙන තිබුණා.
ඒ අතරතුර හරක්කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට කුමන්ත්‍රණය කිරීමේ සිදුවීමක් ද වාර්තා වූ අතර, එයද සමාජයේ දැඩි කතාබහකට ලක්වුණා.
හරක් කටා නමැත්තා රැඳවුම් භාරයට පත් කරන විට මෙරට අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූයේ විජේදස රාජපක්ෂයි.
විජේදාස රාජපක්ෂගේ පුත් නිතීඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන අය හරක් කටා නිදහස් කර ගැනීමට සහය දුන් බවටයි චෝදනා එල්ල වන්නේ.
එවන් පසුබිමක අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අතර සිදු වූ බවට පැවසෙන දුරකථන සංවාද කිහිපයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මෙවන් පසුබිමක අදාළ චෝදනා මත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන අය අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි හරක් කටාගේ ජීවිතය ආරක්ෂා කරදීම සඳහාත් හරක් කටාට එරෙහිව පනවා තිබූ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයත් වෙත නිදහස් කිරීම මෙන්ම හරක් කටා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීම වෙනුවෙන් නිතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අය 2023 වසරේදී අල්ලස් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බවයි.
ඒ අනුව 2023 වසරේදී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳවන මධුවන්ති නැමැත්තියගෙන් රුපියල් ලක්ෂ 5,000ක මුදලක් ඉල්ලා ඇති බවද එම නිවේදනයේ සඳහන්
පසුව එම මුදල රුපියල් ලක්ෂ 2,000ක් දක්වා අඩුකර ඇති බවත්, එම මුදලින් අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 1,200ක මුදලක් ලබාගෙන ඇති බවටයි නිතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අයට චෝදනා එල්ල වන්නේ.
ඔවුන් දෙදෙනාට අමතරව සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකුවන වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයද මෙම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් නිතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසම වෙත රැගෙන ආ අතර, එම අවස්ථාවේදී හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද එහි පැමිණ සිටිනු දක්නට ලැබුණා
පැය 08කට ආසන්න කාළයක් අල්ලස් කොමිසමේ සිටි සැකකරුවන් අනතුරුව ඉදිරිපත් කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටයි
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්, හරක් කටා සමග සමීප සබඳතා පැවැත්වූ හර්බි නැමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළා.
"ස්වාමීනි,
මෙය නිර්ණාමික පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයක්.
පළමු සැකකරුවන චරිත් අබේසිංහට නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නමැති පුද්ගලයාගෙන් දුරකථන ඇමතුමක් එනවා.
හර්බි ඒ සම්බන්ධව දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා.
හර්බිට ඩුබායිවල ගෙයක් තියෙනවා.
ඔහු සම්බන්ධ වෙනවා හරක් කටාගේ බිරිඳ වන මධුෂානි හෙවත් මධූ නමැති කාන්තාව සමග.
චරිත් අබේසිංහට එන දුරකථන ඇමතුමෙන් පසුදින එනම් 2023/03/25 දින චරිත් සහ රඛිත ඩුබායි බලා පිටත් වෙනවා.
ඔවුන් ඉන්නේ රඛිතගේ ඥාති ගෙදරක.
පසුව හර්බිව සම්බන්ධ කරගෙන හරක් කටාගේ බිරිඳ මුණගැහෙන්න දිනයක් දාගන්නවා.
මේ අවස්ථාවට මිදිගම රුවන් නමැති තවත් පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා.
මේ ගනුදෙනුව වෙන්නේ හර්බිගේ ගෙදර.
එහිදී අදාළ ගනුදෙනුව ගැන සාකච්ඡා කරනවා.
පසුදින හරක් කටාගේ බිරිඳ රුපියල් ලක්ෂ 1,000ක මුදලක් ඔවුන්ට ලබා දෙනවා.
ඒ බව මිදිගම රුවන් නමැත්තාත් තහවුරු කරනවා.
මේ සියලුම කරුණු හර්බි නමැත්තාගේ ප්රකාශයෙනුත් තහවුරු වෙනවා.
අත්තිකාරම් මුදලේ ඉතිරි ලක්ෂ 200ක මුදල ලබා දෙන්න හරක් කටාගේ බිරිඳ දින කිහිපයකින් හර්බිගේ ගෙදරට එනවා.
ඒ මුදල දෙන්නේ රඛිතගේ ඥාතියාට.
පසුව ටික දවසකින් හරක් කටාගේ රැඳවුම් නියෝග දීර්ඝ වෙනවා.
පොරොන්දු වූ කරුණු ඉටු නොවුණු නිසා බිරිඳ ඇවිටිලි කරනවා .
බිරිඳ චරිත් අබේසිංහට දුරකතන ඇමතුමක් දීලා ඒ ගැන විමසනවා.
දුන් මුදලත් ආපසු ඉල්ලනවා.
එවිට පළමුවැනි සැකකරු කියනවා දුන්න ඒවාගෙන් ලක්ෂ 1,000ක් තියෙන්නේ රඛිත රාජපක්ෂ ගාව,
ඒක එයා දෙන්නේ නැහැ කියලා.
මේ සියල්ල හර්බි නමැති පුද්ගලයා පටිගත කරලා තියෙනවා.
මෙයාලා බය වෙලා ලක්ෂ 200ක මුදලක් ආයෙත් දෙනවා.
මිදිගම ප්‍රාදේශීය සභාවේ 'මිදිගම ලසන්ත' හරහා තමයි ඒ 200 දෙන්නේ.
හරක් කටාගේ බිරිඳ සිදුවේච්ච අසාධාරණය සම්බන්ධයෙන් පොලිස්පතිට ලියුමක් මාර්ගයෙන් පැමිණිලි කරනවා
මේ සඳහන් කරපු සියලුම කාරණා එම ලිපිය මගින් සනාථ කරනවා."
එයට පිළිතුරු ලබා දෙමින් චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ අපරාධකරුවන්ගෙන් යැපෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ කරුණු මත සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන බවයි.
"ස්වාමීනි,
අපරාධකරුවන්ගෙන් ගන්න කරුණු පිළිගන්න පුළුවන්ද?
මාගේ සේවාදායකයාට පෙර වැරදි නැහැ - පවතින නඩු නැහැ.
මේ හරහා ඔහුට විශාල අවමානයක් සිදුවෙනවා.
මාගේ සේවාදායකයා දරුණු හෘද රෝගයකින් පෙළෙනවා.
ස්ටෙන්ට් තුනක් දාලා තියෙන්නේ, තව පහක් දාන්න තියෙනවා.
ඔහු දරුවන් වෙනුවෙන් ඉන්න ඕනේ.
ඔහුට නිසි රැකවරණයක් බන්ධනාගාරයෙන් ලැබෙන්නේ නැහැ.
අවුරුදු 60ක පුද්ගලයෙකුට තියෙන්න ඕනේ ලෙඩ සියල්ලම අවාසනාවන්ත විදිහට මොහුට තියෙනවා.
අද අත්අඩංගුවට ගත්තේ නැත්නම් මොහු ඉන්නේ රෝහලේ, මොහුට අද පරීක්ෂණයක් කරන්න තිබුණා.
මේ ඉදිරිපත් කළ සියලු කරුණු, තහවුරු කිරීමට නොහැකි කරුණු.
අපරාධකරුවෙකුගේ ප්‍රකාශ අරගෙන පුද්ගලයෙකුගේ නිදහස අහිමි කරන්න එපා."
අනතුරුව රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ සිද්ධිමය කාරණා රැසක් ඉදිරිපත් වුවද ඒවා පිළිගත නොහැකි බවයි.
"ස්වාමීනි,
ඇප දීම අධිකරණමය බලයක්.
ඒක තහනම් කරන්න යනවානම් එය වරදක්.
මගේ සේවාදායකයා නීතිඥයෙක්.
මාගේ සේවාදායකයාට හෙට මේ අධිකරණයේ තවත් සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී ඉන්න තියෙනවා.
නීතිඥවරයෙක් වුණාම සේවාදායකයින් වෙනුවෙන් පෙනී ඉන්න වෙනවා.
එය සුවිශේෂී කාරණාවක් ලෙස සලකන්න.
මගේ සේවාදායකයා ස්ලීප් ඇප්නියා කියන රෝගයෙන් පෙළෙනවා.
එම රෝගී තත්ත්වයට බන්ධනාගාරයේදී ප්‍රතිකාර කරන්න පුළුවන්ද?
එයින් ජීවිතයට හානියක් වෙන්න පුළුවන්.
අපි දන්නවා බන්ධනාගාරයේ තත්ත්වය.
මෙවැනි තත්ත්වයක් යටතේ මොහුව බන්ධනාගාරගත කළොත් බැරෑරුම් තත්ත්වයක් වෙනවා.
ඔහුට පෙර වැරදි නැහැ." යනුවෙන්.

Latest News
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026