ජූනි 26 දින සිට ජූලි 02 දින දක්වා අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය රජමහ විහාරය කේන්ද්‍ර කරගනිමින් 2026 රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පහසුව උදෙසා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 3500කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යොදවා ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
එහිදී, සෑම පොලිස් වසමක් තුළම දිවා සහ රාත්‍රී කාලයේ ජංගම, පාමුර, පාපැදි, බීට්ටු සහ යතුරුපැදි සංචාර ක්‍රියාත්මක වන අතර, මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල නිරීක්ෂණ කුළුණු ස්ථාපිත කර ඇති බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් සහ ජලාශ 24ක් ආවරණය වන පරිදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150ක් යොදවා ඇති බවත් පොලිසිය පවසනවා.
පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක නිලධාරීන් 120 දෙනෙකු ද සක්‍රීය සේවයේ යොදවා ඇති අතර, සුදුසු ස්ථාන හඳුනාගෙන, බෝයා යොදා වෙන් කර බැතිමතුන්ට ආරක්ෂිතව ජලය භාවිතා කිරීමට පහසුකම් සලසා තිබෙනවා.
අනාරක්ෂිත ස්ථානවල අනතුරු ඇඟවීම් පුවරු සවි කර ඇති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ජනතාව දැනුවත් කරනු ලබන බවත්, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ස්වේච්ඡා ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කරගනිමින් කලාප 10ක් යටතේ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර, පූජා නගරයට වාහන ඇතුළු කළ යුත්තේ එක් දිශාවකට පමණක් ගමන් කළ හැකි වන පරිදියි.
ඒ අනුව,
පැමිණෙන දිශාව - පුත්තලම දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - පණ්ඩුලගම ප්‍රදේශයෙන්
පැමිණෙන දිශාව - කුරුණෑගල දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - පොතානේගම ප්‍රදේශයෙන්
පැමිණෙන දිශාව - දඹුල්ල / පොළොන්නරුව දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - ජයන්ති වටරවුම අසලින්
පැමිණෙන දිශාව - විලච්චිය / තන්තිරිමලය දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - ලෝලුගස්වැව ප්‍රදේශයෙන්
පිටවීම: පූජා නගරයට ඇතුළු වන රථවාහන නැවත පිටවිය යුත්තේ යාපනය හන්දියෙන් හෝ මාකට් හන්දියෙන් පමණයි.
භාවිත කළ හැකි විකල්ප මාර්ග ලෙස,
පුත්තලම / කුරුණෑගල සිට පැමිණෙන රථවාහන - පොතානේගම හන්දිය, බන්ධනාගාර හන්දිය සහ දහයියාගම හන්දිය හරහා නව බස් නැවතුම්පළ දෙසට
දඹුල්ල / පොළොන්නරුව සිට වව්නියාව දෙසට - ගල්කුළම, මිහින්තලය, බොංජි පන්සල හන්දියෙන් හැරී, මිහින්තලය දුම්රිය ස්ථාන මාර්ගය හරහා නැවත A09 මාර්ගයට
වව්නියාව සිට පැමිණෙන රථවාහන - A09 මාර්ගයේ රබෑව, මිහින්තලය ඇඟලුම් කම්හල හන්දියෙන් දුම්රිය ස්ථාන මාර්ගයට පිවිස, බොංජි පන්සල හරහා ගල්කුළම හන්දියට
විලච්චිය / තන්තිරිමලය සිට පැමිණෙන රථවාහන - තිසාවැව සොරොව්ව අසලින් දකුණට හැරී පණ්ඩුලගම හන්දිය දෙසට
බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීම සඳහා ප්‍රධාන රථගාල් 21ක් වෙන් කර ඇති බවත්, ඉසුරුමුණිය, සඳහිරු සෑය, ශ්‍රී මහා බෝධිය අවට, මිරිසවැටිය, බසවක්කුලම වැව, රුවන්වැලිසෑය, ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය, ජේතවනාරාමය සහ කුට්ටම් පොකුණ යන ස්ථාන ඒ අතර වන බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එසේම, බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ හදිසි ආපදා තත්ත්වයන් සඳහා ගිලන් රථ පහත ස්ථානවල ස්ථානගත කර තිබෙනවා.
අනුරාධපුර පොලිස් ස්ථානය, ජනාධිපති මන්දිරය, ඉසුරුමුණිය වටරවුම, යාපනය හන්දිය, පණ්ඩුලගම හන්දිය, පොතානේගම හන්දිය

Latest News
අයර්ලන්තයට ඓතිහාසික ජයක්: පළමු T20 තරගයෙන් ඉන්දියාව ලකුණු 34කින් පරදී
Local
27 June 2026
සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
Local
26 June 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
Local
26 June 2026
සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය
Local
26 June 2026
උස්වත්ත බිස්කට් රුමේෂ් තරංගගේ ඔලිම්පික් ගමනට අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි
Local
26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
Local
26 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි
Local
26 June 2026
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026