General26 June 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

එහිදී මෙම අනතුරෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සඳහන් කරන අන්දමට, අනතුරට ලක්ව ඇත්තේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක්.

ඒවා එකිනෙක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට දිවෙන මංතීරුවේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes