General29 June 2026

දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් එහි රියැදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගොකරැල්ල පොලිසිය පවසනවා.

දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ඉපලව ප්‍රදේශයේදී අද (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක්, ඉඳවල ප්‍රදේශයේදී රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය මත පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරා ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ති‍බෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ ගොකරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අතර, ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes