General08 July 2026

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (08) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කල්මැරීමකින් තොරව කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉකුත් (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

සිද්ධියට අදාළ සැකකරුවන්ට ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes