කෝටි ප්‍රකෝටි ගණන් විදෙස් ණය ලබාගෙන පසුගිය රජයන් අධිවේගී මාර්ග ගොඩනැගුවද, වත්මන් රජය මාර්ග පද්ධති සංවර්ධනය කරන්නේ ජනතාවගෙන් ලබාගත් සාධාරණ බදු මුදලින් බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය පාලන සමයන්වලදී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් නිසි ලෙස බදු අය කර නොගැනීම හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වූ බවයි.
විශේෂයෙන්ම දයා ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඇලෝසියස් වැනි ව්‍යාපාරිකයන්ගෙන් අය විය යුතු රුපියල් කෝටි ගණනක බදු මුදල් අය කර ගැනීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් කියා සිටියේ,
"එදා පාලකයෝ තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට බදු සහන දෙමින් රට ණය උගුලක හිර කළා. නමුත් අපි අද කරන්නේ ඒ පැහැර හරින ලද බදු මුදල් නිසි ලෙස රජයට අය කරගෙන, එම මුදල් මහජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීමයි. රඹුක්කන සිට කුරුණෑගල දක්වා සහ කොළඹ සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගවල වැඩකටයුතු අප ආරම්භ කළේ දේශීය අරමුදල් භාවිතයෙන්" යනුවෙන්.
2029 වසර අවසානය වන විට අධිවේගී මාර්ග පද්ධතිය දඹුල්ල දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, මෙම සියලු සංවර්ධන කටයුතු විදේශයන්ට ණය නොවී දේශීය ශක්තියෙන් නිම කිරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මෙහිදී අවධාරණය කළා.

Latest News
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
Local
08 July 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
Local
08 July 2026
මීගමුවෙන් අගුණකොළපැලැස්සට මාරුකළ රැඳවියෙක් මරුට
Local
08 July 2026
අවසන් හුස්ම තෙක් සේවයට කැප වී නිහඬ වූ විරුවන් ඉදිරියේ මුළු වැලිකඩම හඬා වැටෙයි
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට
Local
08 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාලව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් සිහිකැඳවීමක්
Local
08 July 2026
ඩොලරයෙන් රුපියලට පුංචි ටොක්කක්
Local
08 July 2026
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට
Local
08 July 2026
ඩොලර් මිලියන 2.5ක මහාභාණ්ඩාගාර සිද්ධියේ විමර්ශන ප්‍රගතිය ලබන 05 වැනිදා දැනුම් දෙන්න - අධිකරණයෙන් සීඅයිඩීයට නියෝග
Local
08 July 2026
RMV නිලධාරීන් සමග එක්වී අනීතිකව වාහන ලියාපදිංචි කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
08 July 2026