ශ්‍රී ලංකාවේ ජනාධිපති සමාව පිරිනැමීමේ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුව, බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව ලබාදීම වඩාත් ක්‍රමවත්, සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් රාමුවක් යටතේ සිදුකිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් විස්තීර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එම වාර්තාව ඊයේ (10) අධිකරණ අමාත්‍යාංශයේදී කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන වෙත නිල වශයෙන් භාර දී තිබුණා.
එම කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (නීතිඥ) අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුබාසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අබේනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිශාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂණී හෙට්ටිගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දිමා වැලිකල යන පිරිසගෙන් සමන්විත වුණා.
2025 ජුනි 25 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කමිටුව පත්කරනු ලැබුවේ පවතින බන්ධනාගාර පද්ධතියේ පරිපාලනමය අඩුපාඩු පරීක්ෂා කර බලා ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලියට ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහායි.
එම නිර්දේශ සකස් කිරීමේදී, කමිටුව විසින් පවතින නීති, අධිකරණ පූර්වාදර්ශ සහ ජනාධිපතිවරයාට සමාව දීමේ බලය පැවරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියේ ප්‍රතිපාදන සමාලෝචනයට ලක්කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අනුව, මෙම නිර්දේශ මඟින් ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීම, බන්ධනාගාර තදබදයට විසඳුම් සෙවීම සහ රැඳවියන් පුනරුත්ථාපනය කිරීම ශක්තිමත් කිරීම මඟින් රජයේ පුළුල් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ඉහළ දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරනවා.

Latest News
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මියයෑම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
17 July 2026
ඩෙංගු මරණ 50 දක්වා ඉහළට - රෝගීන් ගණන 73,455 දක්වා නගී
Local
17 July 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට
Local
17 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026
අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති: ට්‍රම්ප් පාලනයෙන් නව සීමාවන් රැසක්!
Local
17 July 2026
LPL තරගාවලිය අදින් ඇරඹේ
Local
17 July 2026
2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
Local
17 July 2026
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026