ඉන්දියාව සහ ජපානය අතර 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය පසුගිය ජපානයේ ටෝකියෝ නුවරදී සාර්ථකව නිමාවට පත්වුණා.
මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ කැපී පෙනෙන ප්‍රගතිය සමාලෝචනය කළ දෙපාර්ශ්වයම, ඉන්දු-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති කැපවීම යළිත් සහතික කළා.
මෙම සාකච්ඡා වටය සඳහා සහභාගී වූ ඉන්දීය දූත පිරිසට ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං නායකත්වය දුන් අතර, ජපන් පාර්ශවය මෙහෙයවනු ලැබුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආරක්ෂක උප ඇමැති කනෝ කෝජි විසින්.
"මෙම සංවාදයේදී දෙරටේ හමුදාමය හුවමාරු, ඒකාබද්ධ මූලස්ථාන අතර සහයෝගීතාව, සමුද්‍රීය සහයෝගීතාව, ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාස, ධාරිතා සංවර්ධනය මෙන්ම සමුද්‍රීය තාක්ෂණය ඇතුළු ආරක්ෂක උපකරණ සහ තාක්ෂණික සහයෝගීතාව වැනි ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතාවල සමස්ත පරාසයම දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණා," යනුවෙන් ඉන්දීය රජයේ නිල නිවේදනයක සඳහන්.
ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වීම පිළිබඳව දෙපාර්ශවයේම ප්‍රසාදය පළ වූ අතර, ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු සහ සාකච්ඡා මාධ්‍යයන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ඔවුහු අවධාරණය කළේ.
මීට අමතරව, මේ වසර අගභාගයේදී පැවැත්වීමට නියමිත '2+2' අමාත්‍ය මට්ටමේ සාකච්ඡා ඇතුළු ඉදිරි නිල අමාත්‍ය සංචාරවලින් අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
කලාපීය සහ ගෝලීය ආරක්ෂක ගැටලුවලදී ඉන්දියාව සහ ජපානය අතර පවතින අන්‍යෝන්‍ය එකඟතාවය පිළිබඳව සතුට පළ කළ දෙපාර්ශවයම, ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් වඩාත් සමීපව කටයුතු කිරීමට එකඟ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජාත්‍යන්තර නීතියට ගරු කරමින් නිදහස්, විවෘත සහ නීතිගරුක ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන තම කැපවීම ඔවුහු යළිදු අවධාරණය කර තිබෙනවා.
එහිදී කනෝ කෝජි සඳහන් කළේ ඉන්දියාව සමඟ පවතින ආරක්ෂක සබඳතා ප්‍රමුඛතා ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමට ජපානය සූදානම් බවයි.
මෙම සංවාදයට පෙර, ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ජපන් ආරක්ෂක ඇමැති ෂින්ජිරෝ කොයිසුමි හමුවූ අතර, එහිදී ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිංගේ සුභපැතුම් ඔහු වෙත පිරිනමා තිබෙනවා.
එහිදීද දෙරට අතර පවතින විශේෂ උපායමාර්ගික සබඳතාවල වර්ධනය දෙපාර්ශවයම අගය කරනු ලැබුවා.
එමෙන්ම, හැකි ඉක්මනින් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ලෙස රාජ්නාත් සිං කළ ආරාධනයද ආරක්ෂක ලේකම්වරයා විසින් ජපන් ආරක්ෂක ඇමැතිවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබූ බවයි වාර්තා වෙන්නේ.

Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026