ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (16) හමුවුණා.
නාවික හමුදාපතිධුරයට පත්වීමෙන් අනතුරුව අභිනව නාවික හමුදාපතිවරයා සහ අග්‍රාමාත්‍යතුමිය අතර නිල වශයෙන් සිදු වූ පළමු හමුව මෙයයි.
මෙම සාකච්ඡාවේදී ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එමෙන්ම, රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැඳගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය උදෙසා අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වූ බවයි වාර්තා වුණේ.
මෙහිදී අභිනව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කිරීමට අග්‍රාමාත්‍යවරිය පියවර ගෙන තිබුණා.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළ අග්‍රාමාත්‍යවරිය, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීම සඳහා නාවික හමුදාපතිවරයා වෙත දිරිගැන්වීම් එක් කළා.
Latest News
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
Local
16 July 2026
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
Local
16 July 2026
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
Local
16 July 2026