General16 July 2026

සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මැදිහත් පෙත්සමක් ගොනුකොට තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය ලබාගෙන ඇති රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සූරේෂ් සලේ විසින් මෙම ප්‍රධාන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, කාදිනල් හිමිපාණන් විසින් ගොනු කරනු ලැබූ මැදිහත් පෙත්සම මඟින් ඉල්ලා සිටින්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට බාධා නොකරන ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes