පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 12 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල අද (16) නියෝග කළා.
පෑලියගොඩ පොලිසිය තුළදී මෙලෙස පහරදීමකට ලක්වුණේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ කනිෂ්ඨ පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරච්චිගේ ලින්ටන් සිල්වා, ජයකොඩි ආරච්චිගේ සුමිත් කුමාර සෝමරත්න, දිසානායක මුදියන්සේලාගේ නදුන් තාරක මධුරංග අබේකෝන් සහ අතුල විජේසිංහ යන පොලිස් නිලධාරීන්ට ඉකුත් ජුනි 17 වැනිදා නිතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණා.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ සහ 1994 අංක 22 දරන අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත (වධහිංසා පනත) යටතේ මෙම නඩුව පවරා තිබුණා.
2021 වසරේ පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩ පොලීසිය විසින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගෙන සිටි ඔහුගේ සේවාදායක ශෂික ජයවීර නැමැත්තාට දිවා ආහාරය ලබාදීමට නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න උත්සාහ කර තිබුණා.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අදාළ සැකකරුගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පොලිස් නිලධාරීන් විසින් මෙම නීති ශිෂ්‍යයාට අමානුෂික ලෙස පහරදී තිබූ බවයි වාර්තා වුණේ.
මෙම සිදුවීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් මිගාර ගුණරත්න විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ගොනු කර තිබුණා.
එම පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීන්දු කර තිබුණේ එවකට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ලින්ටන් සිල්වා ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් සහ රජය විසින් ද පෙත්සම්කාර නීති ශිෂ්‍යයාට වන්දි මුදලක් ගෙවිය යුතු බවයි.
මෙම මහාධිකරණ නඩුව ලබන ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
Latest News
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග
Local
16 July 2026